පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ මල්ලී වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා ගමන් ගත් ත්රීරෝද රථයට ඊයේ (16) රෑ අහුන්ගල්ලේදී වෙඩි තබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් ඔහුට වෙඩි වැදී නැති බවත් වෙඩි තැබීම සිදුවන අතරතුර ඔහු ත්රිරෝද රථයෙන් පැන දිව ගොස් දිවි බේරාගෙන ඇති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල බෝගහහපිටිය අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවති සංගීත සංදර්දනයක් නරඹා යළි අහුන්ගල්ල වැලිකන්ද සිය නිවසට පැමිණෙමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම සිදු කර ඇති බවත් වෙඩි තැබීමෙන් ඔහු ගමන් ගත් ත්රීරෝ රථයේ මුහුණතට වෙඩි වැදී ඇති බවත් පොලීසිය කියයි.