ලේලි සමග අනියම් පෙමට අරගල පියා පුතාව ඝාතනය කරයි
තම වැඩිමල් පුතාගේ බාල වයස්කාර බිරිඳ සමග අනියම් පෙමකට අරගල කළ පියෙක් තියුණු ආයුධ වලින් කපා කොටා පුතා ඝාතනය කිරීමේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය සේරුපිටියේ ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ,සේරුපිටිය අංක 1/152 ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයාලාගේ සඳුන් නිමන්ත ( අවු 23 ) නමැති අයෙකි.මියගිය අයගේ බිරිඳ ( වයස අවුරුදු 15 මාස 09) තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත්කර ඇත.
තම සැමියාගේ පියා තමන්ට අයුතු යෝජනා කළ බව 29 දින රාත්රියේ නිවසට පැමිණි සඳුන් නිමන්තට ඔහුගේ බිරිඳ පවසා ඇත.එදින රාත්රි 9 සිට අලුයම 02 පමණ දක්වා පියා හා පුතා මේ සිදුවීම මුල්කොටගෙන රණ්ඩු වී ඇත. 30 දින අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පියා විසින් පුතා ඝාතනය කර ලේලියටද තුවාල සිදුකොට ඇත.
දෙහිඅත්තකණ්ඩිය - සම්පත් රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
