'මෙම ලේ වැගිරීම වහා නතර කරන ලෙස' එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ගෙන් ඉල්ලා සිටියි. එසේම යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව පවසයි.
රුසියාව ආක්‍රමණය පිළිබඳ තොරතුරු විකාශනය කිරීමේ හැකියාව වළක්වා ස්වාධීන ප්රවෘත්ති ආයතන වෙත ප්‍රවේශය අවහිර කරමින් “මාධ්‍ය නිදහසට සහ සත්‍යයට පූර්ණ ප්‍රහාරයක්” දියත් කරන බවට එක්සත් ජනපදය සිය ප්‍රකාශයේ ද චෝදනා කළේය.
මිලියන සංඛ්‍යාත රුසියානුවන්ට ස්වාධීන තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ ලොව පුරා එකිනෙකා සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසන ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා රුසියාව විසින් තහනම් කිරීමද එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය.