කිරිඳි ඔය ඉහළ පෝෂක ප්රදේශයට ලැබෙන මහවැසි හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
මෙනිසා කිරිදි ඔය පහල ප්රදේශවල එනම්, නැදිගම්විල ඌරනිය, කෝල්වැලන, යන ප්රදේශයන්හි ජනතාව නිරතුරුව අවධානයෙන් පසුවන ලෙස තිස්ස වාරිමාර්ග කාර්යාලය වැඩි දුරටත් පවසයි.
ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු හයෙන්, හතරක් අගල් නවය බැගින් සහ දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ. එයින් තප්පරේට ජල ඝන අඩි5500 ජල ධාරිතාවයක් කිරිඳි ඔයට මුදා හැරේ.2019 පසු මෙවර වාන් දොරටු විවෘත කළ බව තිස්සමහාරහම වාරිමාර්ග ඉංජිනේරු සහන් කුමාර මහතා පවසයි .
රුක්මන් රත්නායක
