පුත්තලම ලුණු සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වරමින් කරනු ලබන වර්ජනය 3 දිනට පස් වන දිනක් වී ඇති බවත් ඒ සදහා සාධාරණ විසදුම් පාලනාධිකාරීය පාර්ශවයෙන් මේ වන විටත් ලැබි නොමැතිව යාමේන් නෙළීමට ආසන්න ලක්ෂ 1000 කට අධික ලුණු තොගයක් නෙළා ගැනිම ඉදිරි වැසිත් සමග අවිනිෂ්චිත තත්වයකට ඇද දමා ඇති බව වර්ජනයෙ නිරත සේවකයින් පාලනාධිකාරීයට චෝදනා එල්ල කරති.
වසර ගනනාවක සිට සිය වැටුප් වැඩි කිරීමක් සිදු නොවිම හේතුවෙන් පුත්තලම ලුණු සමාගමේ සේවකයින් විසින් තම වැටුප වැඩි කරන ලෙසට ඉල්ලමින් පාලනාධිකාරීය සමග සාකච්ජා කර දින 100 ක් ඉක්මව ගොස් ඇති බවත් ඒ සමගම එයට පිළිතුරක් නොලැබිම හේතුවෙන් අරඹා ඇති වැඩ වර්ජනයට දින පහක් ගතව ඇති බව සේවකයින් පවසයි.
වර්ජනයෙ නිරත සේවකයින් පවසන්නේ මේ වන විට තම වැටුප් වැඩි කරන ලෙසට කල ඉල්ලීම් ලුණු සමාගමේ අධ්යක්ෂ මංඩලයෙ බහුතරයක් එකගත්වය පලකරමින් සිටින පසුබිමක මෙම අධ්‍යක්ෂක මංඩලයට වංචනික ලෙස ඇතුල්වි ඇති මේ වන විට පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක ලුණු නිෂ්පාදන කර්මාන්ත හා වගා බිම් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වැටුප් වැඩි කිරීමකට ඉඩ නොදි සමාගම පාඩු ලබන බවට එත්තු ගැන්විමට කටයුතු කරමින් සිටින බවයි.
නමුත් සමාගම අධික ලාබයක් ලබමින් සිටින මොහොතක මෙලෙස කටයුතු කිරීමට තමන් දැඩි විරෝධය මතු කරන බවද සේවකයින් පවසයි.
සේවකයින් විසින් මෙම ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයාගේ හා ලුණු සමාගමේ පුත්තලම සමාගමේ සාමාන්‍යාධිකාරි වරයාට විරෝධය දක්වමින් ඔවුන්ගේ රුව රැගත් කටවුට් ප්‍රදර්ශනය කරමින් විරෝධය මතු කරන්නට විය.
දිගින් දිගටම පාලනාධිකාරීය නිසි පිළිතුරක් ලබා නොදෙමින් කටයුතු කිරීම හේතුවෙන් සේවකයින් 3 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට ගොස් ඒ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ පැවති ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව හමුවේ තම දුක පවසන්නට විය.
එහිදි මේ සම්බන්ධව අදහස් දැක්වමින් සිටි ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතා පවසා සිටියේ අදාල ගැටළු සම්බන්ධව මේ වන විට පාලනාධිකාරිය සමග සාකච්ජා කර ඇති බවත් ඔවුන් එයට පිළිතුරු ලබා දීමට දින කිපයක් අවශ්‍ය බවයි.නමුත් මේ සම්බන්ධව නිත්‍යානුකුල අයුරීන් සේවකයින් හා පාලනාධිකාරීය සමග පුත්තලම කම්කරු කාර්යාලයෙදි ඉදිරි දිනවලදි සාකච්ජාවක් කැදවා ඇති බවයි.
එයටද නිසි පිළිතුරක් නොලැබුනහොත් ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමට පසුබට නොවන බවත් සේවකයින්ට පොරෝන්දු ලබා දෙන්නට විය.
එම අවස්ථාවේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා විසින් මෙම විරෝධතාකරුවන් වෙත පොරෝන්දුවක් ලබා දෙමින් පවසා සිටියෙ ඉදිරියෙදී සේවයකින් සමග වැටුප් අරගලය ජය ගැනිමට ඔවුන් සමග එක්වන බවය.
එම අවස්ථාවෙදි සේවයකින් පවසා සිටියේ මේ වන විට ලුණු සමාගමේ නෙළිමට ආසන්න රුපියල් ලක්ෂ 1000 කට ආසන්න ලුණු තොගයක් ලුණු පාත්ති තුල කඩා ගැනිම වර්ජනය හේතුවෙන් නැවති යාමත් සමග ඉදිරි වැසිත් සමග එම දැවැන්ත ලුණු තොගය දිය වි යාම සිදුවනු ඇති බවයි.
නමුත් මෙවැනි තත්වයක් තුළ උද්දච්ච ව්‍යාපාරිකයා අධ්යක්ෂ මංඩලයට තර්ජනය කරමින් සිටින බවද චෝදනා එල්ල කරන්නට විය.