ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්ර ලක් ලුණු මිල ගණන් පහළ දැමු බව එම සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා සඳහන් කළේය.
මේ අනුව ලුණු මිල පොදු වෙළෙඳ පොළෙන් හා සතොසෙන් මිලදී ගැනීමේ ද ආකාර දෙකකට අඩු වී තිබේ.
රු.120කට අලෙවි කළ අයඩින් මිශ්ර ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් පොදු වෙළෙඳ පොළේදී මිල රු 20කින් මිල පහළ දමා ඇති අතර, නව මිල රුපියල් සියයක් වේ.
සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්රෑම් 400 පැකට්ටුවක් රු 90ක මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා කියා සිටියේය.
රුපියල් 180ක මිලකට අලෙවි කළ කිලෝග්රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150කට දක්වා පොදු වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි අතර සතොසෙන් රු.140කට මිලදිගත හැක.