ලිහිසි තෙල් හා විෂ රසායනික දැමූ බැරල්වල පොල්තෙල් ප්‍රවාහනය කරලා
ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් සහ මළකඩ කෑ බැරල්වල දමා පොල්තෙල් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් 4,25,000.00 ක් වටිනා තොගයක් හාලිඇල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හාලිඇල නගරයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පොල්තෙල් කිලෝග්‍රෑම් 570 ක් සහ අදාළ ලොරි රථයද සමඟ මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ලබඩගම පන්නල යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 21 ක් හා 28 ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.
මෙම පොල්තෙල් හාලිඇල හා අවට නගරවල වෙළඳසැල්වලට තොග වශයෙන් බෙදාදීම සඳහා රැගෙනවිත් ඇති බවත් මෙසේ ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන් ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් මෙන්ම මළකඩ කෑ බැරල්වල බහාලූ පොල්තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය පරිහරණයෙන් විෂවීම්, අසාත්මිකතා ඇතුළු විවිධ සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බවත් අදාළ නිලධාරීහු පවසති.
හාලි ඇල විජේරත්න රත්නායක





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

