
ලාංකීය ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 විසින් මෙවර ලියෝ සමාජ වැඩසටහන සඳහා තවත් නවමු පියවරක් තබා ඇත එනම්, මාලදිවයිනට ලියෝ සමාජ වැඩසටහන ව්‍යාප්ත කරමින් මාලදිවයිනේ නැගී එන තරුණ නායකයින් සවිබල ගැන්වීමට එක්වීමයි. මෙසේ මාලදිවයිනේ ලියෝ සමාජ වැඩසටහන දියත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය අප්‍රේල් 25 වැනි දින රාජගිරිය සිංහ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 හි බහු මණ්ඩල සභාපති ලියෝ රාහුල් අත්තනායකගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ මාලදිවයිනේ පළමු ලියෝ සමාජය පිහිටවන ලද අතර ලියෝ දිස්ත්‍රික් 306 C2 හි දිස්ත්‍රික් උප සභාපති, ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 කවුන්සිල සභික ලියෝ ලකීෂා පෙරේරාගේ ව්‍යාප්ති සභාපතිත්වයෙන් ලෙස මෙම නව ලියෝ සමාජය ස්ථාපනය කිරීම සහ එහි ව්‍යාප්ති වැඩසටහන සිදුකරන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිංහ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 හි සභාපති, සිංහ අනුර වික්‍රමනායක සහභාගී වූ අතර, ආරාධිත අමුත්තන් ලෙස පිලිවෙළින්, ලියෝ සමාජ වැඩසටහන් උපදේශක මණ්ඩල සභාපති ලියෝ අක්ෂිත් භග්ලා, ප්‍රාදේශික අංක 6 ලියෝ සමාජ වැඩසටහන් උපදේශකවරුන් වන, පෙර දිස්ත්‍රික් සිංහාධිපති සිංහ ආචාර්ය ලසන්ත ගුණවර්ධන, ලියෝ මොහොමඩ් අර්ස්ලාන් සහ සිංහ සන්දීප් කසෞධන් යන අයවලුන් සහභාගී විය. තවද, මෙම අවස්ථාව සඳහා ලියෝවරුන් සඳහා වන බහු මණ්ඩල දිස්ත්‍රික් ප්‍රධානී දේශමාන්‍ය සිංහ අමල් පුස්සැල්ලගේ, පෙර බහුමණ්ඩල සභාපතිවරුන්, ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 හි විධායක සාමාජිකයන්, ලියෝ දිස්ත්‍රික් සභාපතිවරුන්, සිංහ සමාජ නායකයන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් භෞතිකව සහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ද එක් වූහ. මෙසේ ලියෝ සමාජ වැඩසටහන මාලදිවයින කරා ව්‍යාප්ත කිරීම පිළිබඳව තම අදහස් ප්‍රකාශ කිරීමටත්, මෙම ඓතිහාසික පියවර තුළින් ලියෝ සමාජකයන්ට අත්වන වැදගත්කම මෙන්ම එහි ප්රතිලාභ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලදී.
