පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව හෙළි කළ කරුණුවලට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලා සිටින බවත්, ඊට අදාළ ලියුම භාරදීමට සිටි නමුත් එය භාරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා තම නිවසට පැමිණෙන බව දන්වා සිටි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (19දා) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මේ අනුව වසර හතරක් තිස්සේ එය තමා දැඩි වධ හිංසනයට ලක් කළ සිද්ධියක් බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ සතියේ දින දෙකක් තුළ පැවැත්වෙන විවාදයකදී තදින්ම අදහස් පළ කිරීමට නියමිත බවද, පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
"අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට 18 වෙනිදා ලියුම බාර දෙන්න යන්නේ හිටියේ. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා දන්වලා තියෙනවා, ඒක බාර ගන්න මගේ නිවසට එනවා කියලා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා.
එවකට බෝම්බ පුපුරපු වෙලාවේ ශ්‍රී ලංකාවේ හිටපු ස්වීඩන් තානාපතිවරයා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. අංශ ගණනාවක් දැන් යූ එන් එකෙන් ඉල්ලා තියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ කියලා. අපිත් ලියුමක් බාරදීලා ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කළ යුතුයි කියලා මානව හිමිකම් කොමිෂන් සභාවට.
මේ සතියේ දවස් දෙකක් පාර්ලිමේන්තුවේ චැනල් ෆෝ ගැන විවාදයක් තිබෙනවා. එකේදී මම බොහොම තදින්ම කතා කරන්න ඉන්නේ, දැන් අවුරුදු හතරක් මට වද දීලා දැන් තමයි මේවා හෙළි වේගෙන එන්නේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ මේ සතියේදී එය කතා කරනවා."