තම වාහන වලට සහ තම කර්මාන්ත වලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් තලවකැලේ ලිදුල ප්‍රදේශයේ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසින් අද (02දා) දින පස්වරුවේ ලිදුල ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.
සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ තම වාහන වලට මෙන්ම ඉන්ධන භාවිතයෙන් සිදු කරන තම ව්‍යාපාර වලට අවශ්‍ය ඉන්ධන නොමැති විම නිසා තම ව්‍යාපර කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වි ඇති බවයි.
ඉන්ධන ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් වල තමන්ට සිටිමට සිදු වි ඇති බවත්,එසේ පොලිම් වල රැදි සිටියද ඉන්ධන පිරවුම්හල් වලින් සිමිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් ලබාදෙන නිසා තම රථ වාහන ධාවනයට එම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවිම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි ලිදුල ප්‍රදේශවාසින් කියා සිටියේය.
උද්ඝෝෂණය සංවිධානය කල සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා කියා සිටියේ ඉන්ධන නොමැති විම හමුවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුල රථ වාහන ගමනා ගමනයට මේ වන විට බාධා පැමිණ ඇති බවයි.
ඉන්ධන නොමැති විම හමුවේ එලවළු ප්‍රවාහනයට ගැටළු මතු වි ඇති බවත්, පාසල් නිවාඩුව අවසන් විමෙන් පසු ළමුන්ට පාසල් වලට පවා යැමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා පැවසීය.




