ලිට්රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය.
ලිට්රෝ සමාගමේ මව් සමාගම වන ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා එම මුදල මහා භාණ්ඩාගරයට යොමුකරන බවද ඔහු සඳහන් කළේය.
රජය මෙම මුදල් කුමන අයුරකින් භාවිත කළත් එහි සැබෑ අයිතිකරුවන් වන මහ ජනතාවට එම මුදල් ආපදු ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.