නිශ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගෑස් තොග මිලදී ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමට ඩොලර් මිලියන 10ක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ලිට්රෝ සමාගම සඳහන් කරනුයේ ලබන සඳුදා දිනයේ සිට නැවත නිෂ්පාදන කටයුතු මේ අනුව ආරම්භ කිරීමට හැකි බවයි.
රජයේ මැදිහත්වීම මත සහ ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බවත් එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 8500ක් ලැබීමට නියමිත බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.