ජුනි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වෙයි.