අද (5දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 4,765කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ හළ දමා ඇති අතර නව මිල රු. 1,910කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ හළ දමා ඇති අතර නව මිල රු. 890කි.
යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ LP ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් සමාගම පවසයි