ලිංගාශ්රිත රෝගීන්ගේ වැඩිවීමක්
ලිංගික සෞඛ්ය හා HIV ක්ෂේත්රයේ ප්රගමනය, අනාගතයට මං පෙත් විවරකරමින් නවෝත්පාදන බිහිකිරීම, වත්මන් ලිංගාශ්රිත රෝග හා HIV/ ඒඩ්ස් ප්රවණතා යන කරුණු පිළිබඳ විශේෂ අවධාන යොමු කරමින් මාධ්ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය හමුවක් අද (14) සෞඛ්ය හා ජනමාධ්ය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
ලිංගික සෞඛ්ය හා HIV සෞඛ්ය පිළිබද විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය (Sri Lanka College of Sexual Health and HIV Medicine - SLCoSHH) නියෝජනය කරමින් එහි සභාපති ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය, මහත්මිය පැවසූවේ විද්යායතනය විසින් වසරක් පාසා පවත්වනු ලබන අධ්යාපනික සැසිවාරය මේ වසරේ ඔක්තෝබර් මස 29 දින සිට 31 දක්වා ITC රත්නදීප හෝටලය පවත්වනු ලබන බවයි. මෙහි සමාරම්භක සැසි වාරය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් 29 දින පැවැත්වෙන බවද පැවසුවාය.
මෙරට HIV සහ ලිංගාශ්රිත රෝග තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වර්තමානයේ මහජන සෞඛ්ය ක්ෂේත්රයේ ප්රධාන ප්රශ්නයක් වී ඇත්තේ HIV උපදංශය, හෙපිටයිටිස් බී සහ හෙපිටයිටිස් සී යන රෝග තත්ත්වයන් බවද පැවසූ ඒ මහත්මිය 1986 වසරේ පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වීමේ සිට මේ දක්වා ලිංගාශ්රිත රෝග පාලන කටයුතු සඳහා ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය සහ ලිංගික සෞඛ්ය හා HIV සෞඛ්ය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය (Sri Lanka College of Sexual Health and HIV Medicine - SLCoSHH) විශාල වැඩ කොටසක් සිදුකළ බවද පැවසුවාය.
එම පාලන කටයුතු 2021 වසර දක්වා හොඳින් සිදුකරන සිදු කෙරුණ ද 2021 පසු පාලනයෙන් ගිලිහීමක් පෙන්නුම් කරන බවද පැවසූ අතර කෝවිඩ් රෝග තත්ත්වය ඊට හේතුව බවද පැවසුවාය. 2023 වසරේ සිට නැවත එච්අයිවී රෝගීන් වැඩිපුර වාර්තා වීමක් පෙන්නුම් කළ බවත් 2026 වසර වන විටත් රෝගි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අන්තර්ජාලය සඳහා සමාජයේ පුද්ගලයින්ට ප්රවේශ වීමේ ඇති අවස්ථාවන් ඉහළ යාම, ආර්ථික අර්බුදය සහ මත්ද්රව්ය භාවිතය මෙන්ම මත්ද්රව්ය එන්නත් කරගන්නා පිරිස ඉහළ යාම ද මේ සඳහා හේතු සාධකයක් වූ බවද ඒ මහත්මිය මෙහිදී පැවසුවාය.
වර්තමානයේ ලිංගික සබඳතා පැවැත්වීමේදී මුදල් මත පදනම්ව ආරක්ෂිත ක්රමවේද අනුගමනය නොකරමින් ලිංගික කටයුතුවල යෙදීමේ ප්රවණතාවයක් වන බවද එච්අයිවී සහ ලිංගිකව සම්පේ්රෂණය වන රෝග ඉහළ යාමට මෙය ද හේතු සාධකයක් වී ඇති බවද පැවසු විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය රෝග පාලන සහ මර්ධන කටයුතු සඳහා කෙතරම් වැඩසටහන්, වැඩපිළිවෙළ දියත් කළද එය ප්රමාණවත් නොවන තත්ත්වයක් වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.
HIV රෝගීන් වාර්තා වීම වසරෙන් වසර වැඩිවන බවත්, කොළඹ දිස්ත්රික්කයෙන් වැඩිපුර රෝගීන් වාර්තා වන විට දිවයින පුරා පරීක්ෂණවලින් හඳුනාගන්නා රෝගීන්ට අමතරව නව ආසාදිතයින්ද ඉහළ අගයක් ගන්නා බවද පැවසු අතර, සෑම වයස් කාණ්ඩයකම සෑම රැකියා ක්ෂේත්රයකම ශ්රී ලංකාව පුරා රෝගීන් වාර්තා වන බවද මෙහිදී විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය, මහත්මිය පැවසුවාය.
පිරිමින්, පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා රෝග ව්යාප්තිය ඉහළ යාමට ප්රධාන හේතුවක් වී ඇති බවත් ආසාදිත එක් කාන්තාවක් වාර්තා වන විට පිරිමි පුද්ගලයින් හත් දෙනකු වාර්තා වන සම්භාවිතාවක් වර්තමානය වන විට දක්නට ලැබෙන බව බවද පෙන්වා දුන් විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය, මහත්මිය HIV මෙරට වැඩිපුරම පවතින්නේ ද පිරිමි පිරිමි අතර ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයින් අතර බවද පෙන්වා දෙන ලදී.
මත්ද්රව්ය එන්නත් කර ගැනීමේ තත්ත්වය තුළද ආසාදයින් වාර්තා වීමක් පෙන්නුම් කරන බවද මෙය අවදානම් තත්ත්වයක් බවද මෙහිදී විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය පැවසුවාය.
HIV වැළැක්වීම සඳහා වර්තමානයේ පහසුම ප්රතිකාර වන බවත් එහිදී ඇතිවන අතුරු ආබාධ අවමවීම, ලබාගන්නා ඖෂධ ප්රමාණය අවම වීම නොමිලේ ප්රතිකාර ලබාදීම ආදී නව ප්රතිකාර ක්රම ද ලංකාව සතුවන බවත් රෝග වලක්වා ගැනීම සඳහා අවශ්ය දැනුම ලබාදීම මෙන්ම වැඩ කටයුතු රැසක් ක්රියාත්මක කෙරෙන බවද පැවසුවාය
උපදංශය රෝගීන් 2021 ට පෙර 80ක් 100 පමණ වාර්තා වූ බවත් වර්තමානය වන විට 1500 ක් පමණ වසරකට වාර්තා වන බව ද මේ වසරේ හෙපටයිටීස් බී රෝගීන් පසුගිය වසරට වඩා දෙගුණයක් දක්නට ලැබෙන බවත් 2025 වර්ෂයේ හෙපිටයිටිස් සී හතර ගුණයකින් පමණ ඉහළ අගයක් ගන්නා බවද විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්යවරුන් වන ප්රගීත් ප්රේමදාස, විශේෂඥ වෛද්ය ලිලානි රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද අදහස් දැක්වූ අතර ඊට අදාළ හඬ පට සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කිරීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

