මෙරටට ලැප්ටොප් පරිගණක ගෙන්වා බෙදාහැරීමේ කොල්ලුපිටිය මල් පාර ප්රධාන සමාගමකට රාත්රී කාලයේදී හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ නවයකට ආසන්න ලැප්ටොප් පරිගණක සොරාගත් වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සැකකරු සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු 2016 වසරේදී අඟුලාන පොලීසියේ සේවය කරමින් සිටියදී විනය විරෝධී ක්රියාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකි .
ඉකුත් දා 17 දින එම සමාගමේ සේවකයෙකු රාත්රී 11ට පමණ වන තෙක් සේවය කරන වසා දමා පිට යාමෙන් අනතුරුව සැකකරු අළුයම 03:30 සමාගමේ පිටුපස තාප්පය ආධාරයෙන් කවුළුවක් හරහා සමාගම ඇතුළට පැමිණ සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
එම සමාගමේ ආරක්ෂාව භාරව ආරක්ෂක නිලධාරියකු සිටිය ද සැකකරු උපක්රමශීලීව ඔහු නින්දට ගිය අතර වාරයේ දී මෙම සොරකම සිදුකර තිබිණි.
සමාගමේ සවිකර තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එම දර්ශන වල සිටින පුද්ගලයා මිට මාස කීපයකට ඉහතදී ඒ ආසන්නයේ ස්ථානයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයා බවට හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි
ඔහු ඒ වන විට එම ආරක්ෂක නිලධාරී තනතුරෙන් ද ඉවත් ව ගොස් තිබූ බවට පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශන වලදී දෙනියාය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබී හොරාගත් ලැප්ටොප් පරිගණක දෙකක් ද අනෙක් ලැප්ටොප් පරිගණක ගාල්ල ප්රදේශයේ භාණ්ඩ උගස් ගන්නා ස්ථානයකට රුපියල් 25,000 ක මුදලකට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය