ලාෆ් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා තිබේ.
කිලෝ ග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1680ක් දක්වාත්, කිලෝ ග්රෑම් 02 ගෑස් සිලින්ඩරයක මිල රුපිය් 672ක් දක්වාත් ඉහළ දමා තිබේ.
ගෑස් සඳහා පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් ගෑස් සමාගම් වෙත සිය මිල ඉහළ දැමීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ දමන ආකාරය ගෑස් සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දීමට කටයුතු කළ යුතුය.