ලෝක වෙළ ඳ පොලේ ඉන්ධන මිල ඉහළ යන ප්‍රමාණයටම ශ්‍රි ලංකාවේ ඉන්ධන මිල ඉහළ නොදමන බවත් ඒ වෙනුවෙන් සහනයක් ජනතාවට ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම සහනාධාරය වෙනුවෙන් පසුගිය කාලයේදි රුපියල් බිලියන 50කට අධික ප්‍රමාණයක් වැය කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තෙල් සංස්ථාව අඛණ්ඩව ඉන්ධන ලබාදෙන බවත් තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති ස්ථාන අවට ඇති ඉන්ධනහල්වලට තෙල් සැපයිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
" මේ අවස්ථාවේදී ලාභය ගැන නොසිතා තෙල් සපයන්න කියා මම සමාගම්වලින් ඉල්ලා සිටිනවා "
ඒසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුල සිටම කියා සිටියේදී පිරිවැය ගලපන මිල ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස පවසා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.