වර්තමානයේ ගෝලීය අර්බුදය හමුවේ වුවද රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමට විදේශ රැකියා ක්ෂේත්රය විශාල දායකත්වයක් ලබාදෙන බවත් කොරියානු රජය සමඟ ඍජු සාකච්ඡා පවත්වමින් එම රැකියා ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ රැකියා හිමිවු පිරිසක් අමතමිනි. එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ඊයේ (5-26) පැවැත්විණි.
එමෙන්ම නැවත ලංකාවට පැමිණීමෙන් පසුව අවශ්‍ය නම් කොරියාව බලා යාමට හෝ මෙරට තුළ ආයෝජයන් සිදු කිරීමට හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ සදහා පුර්ණ සහය රජය මගින් ලබාදෙන බවද ඔහු සදහන් කලේය.
2026 වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා කොරියානු නිශ්පාදන අංශයේ රැකියාලාභීන් 1067 රැකියා අවස්ථා හිමි වී තිබේ. ඉන් 68 දෙනෙකුට ඊයේ (25) දින අවසන් දැනුවත් කිරීම හා ගුවන් ප්‍රවේශපත් ලබා දීම වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවේ දි සිදුකෙරිණි.