සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇති බව පවසමින් එම පිරිස තවදුරටත් සුඩානයේ රැඳී සිටිමට කැමැත්ත පළ කළ බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙන අතර ඉන් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර තවත් 6 දෙනෙකු සෞදි ආරාබියාවේ ජෙඩා වෙත ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.
තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පොර්ට් සුඩාන් හි රැඳී සිටින අතර එම පිරිස ද කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.