ලාංකිකයන් 35ක් කුවේටයෙන් පිටුවහල් කරයි
ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු 12/04 දින උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මොවුන් මෙසේ කුවේට් රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර, එක් පිරිමි ගෘහ සේවකයෙකු සහ ගෘහ සේවිකාවන් 34 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වී සිටියහ.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ , ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එකගතා ඇති කර ගනිමින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළිත් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි.
එහිදී මෙම සේවකයින්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර, තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර, ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී සහ හිග වැටුප් මෙන්ම අනෙකුත් ඔවුන්ට හිමි විය යුතු ප්රතිලාභ ද ලබා ගැනීමට අවස්ථාව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හිමි කර දී තිබුණි.
මෙම පිරිස 12/04 දින උදෑසන 06.35 ට කුවේට් සිටි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

