නුවරඑළියට සංචාරකයන් රැගෙන එන ඇතැම් බස් රථවල සවි කර ඇති අමතර එල්.ඊ.ඩී විදුලි ආලෝක සහ එම බස් රථවල සවි කර ඇති ඝෝෂාකාරි අධික ශබ්දය සහිත බෆල් හේතුවෙන් රාත්‍රි කාලයේ නුවරඑලිය ග්‍රෙගරි වැව අසළ රථ ගාල්වල සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පීඩාවට පත් වි ඇත.
සංචාරකයන්ගේ ආකාර්ෂණය ලබා ගැනීම සදහා එම බස්රථ වල එල්.ඊ.ඩී විදුලි ආලෝක විශාල සංඛ්‍යාවක් සවි කර අමතර ආලෝක රටා බස් රථය තුල ප්‍රදර්ශනය කරන අතර, එම බස් රථවල විදුලි උත්පාදක යන්ත්‍රයක් සහ ඩී.ජේ. සංගීතය ලබා දීමට අවශ්‍ය උපකරණද බස් රථ තුල සවි කර ඇත.
එම බස් රථ ග්‍රෙගරි වැවේ රථ වාහන ගාල්වල රාත්‍රි කාලයේ ගාල් කර එම බස් රථවල පැමිණි සංචාරකයන්ට විනෝද වීම සදහා අවශ්‍ය පහසුකම් ලබා දී ඇත්තේ අනෙකුත් වාහන වල පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පීඩාවන අයුරින් බවයි නුවරඑලිය ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
මේ බස් රථ සදහා යම් සීමාවන් පැනවීමට වගවියයුතු නිළධාරින් කටයුතු කල යුතු බවද නුවරඑලිය ප්‍රදේශවාසීන් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
