පන්නිපිටියේදී ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පහරදීමට අදාළ වීඩියෝ පටය ඊයේ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය.
මහරගම පොලීසියේ රථ වාහන අංශයට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු හා මහරගම පොලීසයේ රථ වාහන අංශයේ නිලධාරීන් මහා මාර්ගයේ රාජකාරී කරමින් සිටින විට මෙම ලොරි රථයේ ගැටී මහරගම පොලීසයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් පසුව ලොරි රථයේ රියදුරුට මෙසේ පොලිස් කොස්තාපල්වරයා පහරදී තිබේ.
කොස්තාපල්වරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුගේ සේවයද අත්හිටුවා තිබේ.