පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග එක්රැස් කරන්නන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
පසුගියදා මෙවැනි ස්ථාන වැටලීමට තීරණය කළේ වී තොග සඟවා අත්තනෝමතික ලෙස සහල් මිල ඉහළ නැංවීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පරාජය කිරීම සඳහායි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
ඇතැම් ව්‍යාපාරිකයින් රජයේ වී ගබඩාවලට වී අලෙවි කිරීමට නොදී වී තොග මිලදී ගන්නා බවට වාර්තා වුණා.
රජයේ මිලට වඩා සුළු මුදලක් වැඩියෙන් ලබා දී පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී මෙසේ වී තොග එක්රැස් කරන්නේ වී මෝල් හිමියන්ද නොවන පිරිසක් බවයි හෙළි වුණේ.
මෙසේ වී තොග එක්රැස් කරමින් ගබඩා කර ඇති ස්ථාන සොයා පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැටලීම් සිදුකළා.
එහිදී වී කිලෝ ලක්ෂ පහක් සඟවා තිබියදී සොයා ගත් අතර එම ගබඩාවලට මුද්‍රා තැබීමටද කටයුතු කළා.