ලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
කොරෝනා වසංගතයෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වාණිජ වී එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් දුම්රියන් කිහිපයක පමණක් යම් වෙනසක් සිදු විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.