ලබන සතියේ සිට හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් නව මරණ සහතිකයක්
පුද්ගලයකු මරණයට පත්වූ විටහදිසි මරණ පරීක්ෂකවරයා මෙතෙක් ලබා දුන් මරණ සහතිකය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්ලබන සතියේ සිට ලබාදීමටඅධිකරණ අමාත්‍යංශය තීරණය කොට ඇති බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයපවසයි.
එම සංගමයේ සභාපති අනුර හේරත් මහතා අද (20) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළේය .
මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට බී-18 පෝරමය යටතේ නිකුත් කළමරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකයේ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිතය .
රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද එහි අඩංගු වීමට නියමිතය .
එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීමවිශේෂත්වයකි .
මෙරට හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේදී යටත් විජිත යුගයේ සිට පැවති යල් පැන ගිය කෝරළ ක්‍රමය අහෝසි කොට ලබන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ට මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමටද අධිකරණ අමාත්‍යාංශය තීරණය කොට ඇති බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි .
ඒ අනුව ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, මූලික රෝහල් ඇතුළු රෝහල් වලට පත් කරනු ලබන මරණ පරීක්ෂකවරුන්ට අමතරව එසේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක් මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමට නියමිතය .
මෙම නව පත් කිරීමේ ක්‍රමවේදයට අනුව ජාතිකත්වය පදනම් කරගනිමින් (මුස්ලිම්) පත් කළ මරණ පරීක්ෂකවරුන්ගේ තනතුරු අහෝසි වන අතර විවිධ ප්‍රදේශවල පවතින භාෂාමය ප්‍රශ්න පදනම් කර ගනිමින් පමණක් මරණ පරීක්ෂකවරුන් පත් කිරීමට නියමිතය.
popular news
-
සත්‍යපාල Friday, 21 July 2023 12:13 AM
මරණ පරීක්ෂණ කිරීම විධිමත් කරන්න කියලා ඉල්ලනවා සාමාන්‍යයෙන් සමහරක් පරීක්ෂකලා කරන පරීක්ෂණ සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ ගැනීමෙන් වෙනවා රහසිගතව නැහැ එයින් වැරදි සැගවීමක් වෙන්න පුළුවන් සැක කටයුතු මරණ ස්වාභාවික මරණ ලෙසට නොසලකා හැරෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

