පළාත් සභා මැතිවරණය ලබන වසරේ කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පවත්වන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. මහනුවර දී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
"පළාත් සභා කල් දැම්මේ කලින් තිබ්බ පාර්ලිමේන්තුවෙන්. අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්න ඕන කියල තමයි පළාත් සභා කල් දැම්මේ. ලෝකයේ කෙහේවත් නැතිව ඇති අලුත් ඡන්ද ක්‍රමයක් ගේනව කියල තියෙන ඡන්ද ක්‍රමය නවත්තලා ඡන්දය නොතියා ඉන්න ක්‍රමයක්.
තියන ඡන්ද ක්‍රමයට ඡන්දය තියමින් තමයි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කළ යුතුව තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සඳහා ජනතා නියෝජිතයින් පත් කර ගැනිමේ නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් තීරණයක ඉන්නවා ලබන අවුරුද්දේ පළාත් සභා ඡන්දය තියන්න.
එක්කෝ අලුත් ඡන්ද ක්‍රමය හදල තියෙනවා .එහෙම් නැත්තම් පාර්ලිමේන්තුවේ සම්මත කළ එක වෙනස් කරලා පරණ ක්‍රමයටම ඡන්දය තියන්න අපි පියවර ගන්නාවා. අපට 159 ක බලයකුත් තියෙනවානේ.ඔය දෙකෙන් එකක් ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම කෙරෙනවා"
මොහොමඩ් ආසික්