දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක්ව පවතින රජයේ ආදායම 2023-2025 කාලයේදී සියයට 11.5ක් දක්වා වැඩිකරගත යුතුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ වියදම සියයට 18.9ක්ව පවතින බවත් එයද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතකයක් ලෙස 18.1ක් දක්වා අඩු කිරීමට ඉලක්ක කරන බවත් ඔහු පැවැසීය.
2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය හරහා මෙම ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.
මේ වසරේ පවතින අයවැය පරතරය සියයට 9.8 සිට 6.8ක් දක්වා ලබන වසරේ අයවැයෙන් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.
මේ පිළිබඳව වන කැබනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරිපත් කළ බවද ඔහු පැවැසීය.