ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගනු ඇත.
මේ අතර මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියි.