2012 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී ආරම්භ කළ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ උපදෙස් දුන්නේය.
ඒ අනුව එළඹෙන මාර්තු මාසයට පෙර මෙම නිවාස ව්‍යාපෘතිය ජනසතු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවැසීය.
2015 වසරේ අග භාගයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණු මෙම මහල් නිවාස සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය ආණ්ඩුව කාලය තුළදී දැඩි ලෙස ප්‍රමාද වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා ඊයේ (12දා) සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය.