කොවිඩ් ව්‍යසනය හමුවේ ලංගම ආදායම් වෙනස් වුවද ජනතාව වෙනුවෙන් සේවා ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මාතලේ ලග්ගල නව බස් ඩිපෝවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් 108 වන බස් ඩිපෝව ලෙසයි මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම අවස්ථාවට සහභාගි වුණා.
කොරෝනා ව්‍යසනයට පෙර ලංගම ලාභ ලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙහිදී ප්‍රකාශ කළා.
මේ වනවිට ආදායම් තත්ත්වය වෙනස් වුවද ජනතාව වෙනුවෙන් සේවා අඛණ්ඩව ලබා දෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.