අධික වැසි හේතුවෙන් ඇතිවූ නායයාමේ අවදානම මත ලග්ගල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ රණමුරේ ගම්මානයේ පවුල් 8කට පදිංචි ස්ථාන වලින් ඉවත් වන්නැයි දැනුම් දි තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ඒකකයේ මාතලේ කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ ස්ථානීය පර් යේෂණයකට අනුව මෙම නිවේදනය ලග්ගල ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබේ.
රණමුරේ ප්රදේශයට ඉතා අධික වැසි පතිත වන අවස්ථාවක නිවෙස් ඇති පෙදෙස් නාය යෑමකට ලක් විය හැකි බවට අනතුරු හඟවා ඇත්තේ කලෙකට පසුව බව ප්රාදේශිය ලේකම් කාර්යාලය කියා සිටියේය.
නමුත් ප්රදේශවාසීන් කියාසිටියේ ඔවුන් පදිංචියෙන් ඉවත් වීම ප්රතික්ෂේප කරන බවයි.
ඉතා සරුසාරව පවතින ආර්ථික ගෙවතු සහ වගා බිම් සහිත තම ඉඩකඩම් සඳහා නිසි වන්දි ප්රදානයක් හෝ විකල්ප ඉඩ කඩම් ප්රමාණවත්ව ලබා දීමක් සිදු නොකරන හෙයින් ඉවත් වීම ප්රතික්ෂේප කර දිවුරුම් ප්රකාශ ලබා දුන් බව ඔවුහු කියා සිටියහ.
අදාළ පාර්ශව තම ඉවත් වීමෙන් පසුව එම ඉඩම් වල බව භෝග නෙලා ගැනීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන බව පවසන ඔවුහු වැඩිදුරටත් කියා සිටියේ අතීත මුතුන් මිත්තන් එම ප්රදේශයේ නාය යෑම් ගැන හොඳ අවබෝධයකින් ප්රදේශයේ නිවෙස් තනා ඇති බවයි.
මේ අතර ලග්ගල බල ප්රදේශයට අයත් දිවුල්ගස්කොටුව ප්රදේශයේ පවුල් 8ක්ද ප්රදේශය නාය යෑමේ තර් ජනයට මූණ දී ඇතැයි ලග්ගල පොලීසියේ ප්රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිරිසේන මහතා කියා සිටියේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර