ලක්ෂ 76 ක් වටිනා වියළි මිරිස් තිබූ ගබඩාවට සීල්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් 13 වැනිදා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 76 ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 7600 ක් සොයා ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගබඩාවට මුද්‍රා තබා එහි අයිතිකරු අත් අඩංගුවට ගෙන බැදුම්කර මත මුදා හැර ඇති අතර එම මිරිස් සාම්පල් රස පරීක්ෂණාගාරයක් වෙත යවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කරුණු තහවුරු කර ගැනීමෙන් පසු ඉදිරි නඩු කටයුතු ගැනීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීමේදි කල් ඉකුත් වූ දිනය හා නිශ්පාදනය කල දිනය ආදි තොරතුරු නොමැති වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 25 ඇසුරුම් 304 ක් සොයා ගත් බව උදය නාමල්ගම මහතා වැඩිදුරටත් පවසයි.
මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ශානිකා ඉහළවත්ත, හර්ෂ පෙරේරා, ජෆ්රීස්, කසුන් කුමාර සහ සිසිර මුදන්නායක යන නිලධාරීන් විසින් සිදු කරන ලදි.
ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්. ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

