සංවිධානාත්මක අපරාධ හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදි ගත් බව කියන දේපළ පිළිබඳව කරන විමර්ශනයකට අදාළව එම ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 350ක පමණ දේපළ ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ. වැලිපැන්න ප්‍ර දේශයේ පිහිටි රුපියල් ලක්ෂ 350ක පමණ වටිනා පර්චස් 15ක ඉඩම හා නිවස මෙසේ ක්‍රියාවිරහිත කර තිබේ.