රුපියල් දෙකෝටි හත් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 14 දෙනෙකු 05/28 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සියලුම දෙනා චීන ජාතික ගුවන් මගීන් වූහ. ඔවුන් 05/28 දින අලුයම 01.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 14 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 138,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 691 ක් සගවා ගෙන තිබුණි. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටි
