තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 19 ක ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සමඟ දුම්වැටි තිස්දාහකට අධික ප්රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම දුම්වැටි වල රජයේ රූපමය අවවාදය සටහන් කර නොමැති බවත් වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරීහු පැවසීය. මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් හතරක් වන එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිසිය වෙත භාරදී ඇත.