රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/20 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මෙහි '' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422 ක් සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් වෙන වෙනම අසුරා තිබී ඇත .
මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයා 09/20 දින අලුයම 01.30 ට පමණ දැක , ඒ පිළිබද මුළින්ම කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .
ඉන් අනඅනතුරුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
