ලක්ෂ 125ක කේරල ගංජා අත්අඩංගුවට
කිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේදී මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ රුපියල් එක්කෝටි විසපන්ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළගංජා කිලෝ 105 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (31) දින කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
පලෙයි පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේ ඊයේ (30) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී ධීවර බොට්ටුවකින් ධීවර කටයුතු වල නිරත වන අයුරින් සැකකරුවෙකු කේරලගංජා තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කේරලගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට පලෙයි පොලීසිය සැක පල කර සිටින අතර පලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
කේරල ගංජා ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි යාපනය නියෝජ්‍ය පොලිස් අධිකාරී ජානක රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් පලෙයි පොලිස් නිලධාරීන් පිරිසක් දායක වී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

