රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මිලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අලෙවි කිරීම සඳහා රැගෙනා කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු යතුරුපැදි දෙකක් සමඟ මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් ඊයේ (05දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධිව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට මෙරටට රැගෙනා කේරළ ගංජා තොගයක්, විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු හා තවත් තරුණයන් දෙදෙනෙකු විකිණිමට මිහින්තලය පොලිස් වසමේ වැලිඹය හන්දිය බොරළුහින්න ප්‍රදේශයට පැමිණ සිටින බවට මිහින්තලය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරුවන් වටකර අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
වැටලීම සිදුකල අවස්ථාවේ ගමන් මල්ලක් තුළ සගවා තිබූ කේරළ ගංජා අඩංගු කිලෝග්‍රෑම් දෙක බැගින්වූ පාර් සල් දෙකක් හා කේරළ ගංජා කිලෝ එකයි ග්රැම් 850ක් සහිත පාර්සල් තුනක්, පොලීසියට හමුවි තිබුණි.
ඔවුන් ජාවාරමට යොදාගත් නවීන පන්නයේ යතුරුපැදි දෙකක් ජංගම දුරකථන හතරක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.
සැකකරුවන් තිදෙනා අතර සිටින 52 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබළා ජාවාරම මෙහෙයවන බවට පොලීසියට සැක මතුවී තිබෙන අතර ගංජා තොගය මිලදී ගත් ස්ථානය හා අලවිකල පුද්ගලයා අනාවරණය කර ගැනීමට උත්සහ කරමින් සිටින බව පොලිසිය පවසයි.
අනුරාධපුර - පි.බි. චතුරංග