බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කුඩා ලොරියක සහ කැබ් රථ දෙකක ඩීසල් ලීටර් 540ක් තිබී පොලීසිය සොයාගෙන ඇත.
එම ඩීසල් තොගය බහා තිබූ ප්ලාස්ටික් බූලි, ගෝස් බට ආදියද පොලීසිය භාරයට ගෙන ඇත.
රජයේ පෞද්ගලික ආයතනවල වාහනවලින් සොරාගෙන අඩු මුදලට අලෙවි කිරිම සඳහා ඩීසල් මෙම වාහනවල ගඩබා කර තබන්නට ඇතැයි පොලීසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පළාගොස් තිබූ බව පොලීසිය පවසයි. ඩීසල් තොගය හා උපකරණ වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දී ඇත.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ