බලපත්‍ර කොන්දේසි කඩකරමින් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කල ස්ථානයක් අද ( 3) දින වැටලු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය එහි රඳවා තිබු ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් සජීවි කුඩා පොකිරිස්සන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පැවසේ.
මිගමුව කැපුම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ස්ථානය කටු පොකිරිස්සන් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් එසේම විදේශ රටවලට කටු පොකිරිස්සන් අපනයනය කරන කරනු ලබන ස්ථානයක් ලෙසද පවත්වාගෙන ගොස් ඇති බව ධිවර විමර්ශන නිලධාරින් පවසති.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාට ලැබුණ තොරතුරක් මත ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වැටලිමට එක්වි තිබුනි.
2000 කටු පොකිරිස්සන් සම්බන්ධ නියෝග මාලාව කඩ කරමින් සෙන්ටිමිටර් 6ට අඩු කටු පොකිරිස්සන් නීති විරෝධි ආකාරයෙන් ටැංකි තුළ රඳවා ගැනිමේ චෝදනාව මත අදාළ ස්ථානය වටලා හිමිකරු සමග කටු පොකිරිස්සන් 500කට ආසන්න සංඛ්‍යාවක් වැටලිමේදි අත්අඩංගුවට ගෙන තිබුනි.
අත්අඩංගුවට ගත් කුඩා කටු පොකිරිස්සන් තොගය ආරක්ෂීතව රඳවාගෙන මුදා හැරිමට කොළඹ අංක 5 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් වයි . ඩි .ආර් .නෙළුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කිරිමට සුදානම් බව විමර්ශන නිලධාරින් පවසති.
අදාළ වැටලිම සදහා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි සුමනා එදිරිවිර මහත්මිය සමග විමර්ශන නිලධාරි වයි .ඒ .ආර්.දමිත් , ආර්.ඒ.එස් .කුමාර සමග එන්.ඩි.එස්.යු. පරණවිතාරන යන මහත්වරුන් එක්ව තිබුනි.