ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගංජා තොගයක් රැගෙන යමින් සිටි ශ්‍රී ලංකා කාන්තාවක් ඊයේ (21දා) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
ඇය මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි , ඩුබායි හි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි .
ඇය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයට කල් ඇතිව ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. ඇය රැගෙන පැමිණි ගමන් මල්ලේ අසුරා ගෙන තිබූ කුළු බඩු අඩංගු පාර්සල් කීපයක් අතර ගංජා කිලෝ ග්රැම් 02 යි ග්රැම් 94 ක ප්‍රමාණයක් පාර්සල් වශයෙන් සකස් කර සගවා ගෙන තිබියදී සොයාගෙන ඇත.
ටී.කේ.ජී. කපිල