ඕමානය හා ශ්‍රී ලංකාව අතර අර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට අදාළව දෙරට අතර බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීමට මේ හරහා බලාපොරොත්තුවෙයි.
මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.