Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ අද (15දා) දින සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක් . එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා. ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක්.
ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා" ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් , ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්රයේ සමාගම් වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
“මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .
එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා. මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එඑක්සත් රාජධානියේ " බෙල් ජියෝස්පේස් " ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා .
මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ . එම සමාගම සොයා ගන්නා දත්ත ආයෝජකයන් වෙත විකුණා ඔවුන් ලබන ලාභයෙන් කොටසක් ශ්‍රී ලංකාවටත් ලබා දෙනවා.
මෙම ඛනිජ තෙල් ගවේෂණය අපිට රුපියලක් වත් වැය නොවී , ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා.”
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් නොමැති නිසා එම අයෝජකයන් සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉරානය , ඉන්දියාව , අබුඩාබි , ඇමෙරිකාව ආදී රටවල ඉදිරි මාස කීපය තුළ විදේශ සංචාර කීපයක නිරත වීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය කළේය.
popular news
Kumar Wednesday, 15 September 2021 09:14 PM
Oya sinduwa mulinma gayuwe 60 gananwala neda. Lankawe oya kiyanatharam bora thel thibenawanam thel barrel eka $100 vuna kale thama thel gavesanaya patan ganne. Oya aluth thanuwak yodaa gayana parana sinduwata rawetenna epa. Bora thel barrel ekak nipadawanna dollar kopamana wayawenawada kiyala asanna amathak karanna epa. mul aryojanaya apasu gewannath wiyadamak onay. Californiyawe thel barrel ekak polawamathata ganna $30 pamana wiyadam wenawa. Thel mila vatunoth nishpadanaya nawathinawa. monawakalth comis nam labenawa athi.
Reply : 0 0
Nishan Thursday, 16 September 2021 11:10 AM
Anea baiyla kiyanea nethiwa inda meya.....
Reply : 0 0
අසොක ගුනසේකර Thursday, 16 September 2021 01:26 PM
ඉතිහාසය පුරා කලේ කෙකර ගාන එක විතරයි.
Reply : 0 0
Wimal Friday, 17 September 2021 05:09 AM
Kelani gange Nagoya thel genella wage
Reply : 0 0
lelwala Friday, 17 September 2021 08:06 AM
This is fairy tale. don't pool the country people.
Reply : 0 0
nimal Friday, 17 September 2021 12:10 PM
api balasitimu. jayawewa hari giyoth gode goda. sarthakawewa. kiyana hatiyatanam vishwasai wage
Reply : 0 0
රන්ජිත් Friday, 17 September 2021 05:09 PM
හනේ හප්පේ. ගම්මන්පිල ඇමතිතුමෝ. මෙච්චරකල් ණය අරන් හොරාකාල කාල දැන් මුහුද පතුලෙන් තෙල් ගෑස් අරන් හොරා කාපු ණය ගෙවන්න ද හදන්නේ. ලැජ්ජයි සෑර්. මන් හිතන්නේ හොරා කාපු සල්ලි හොයලා අරන් හොරා කාපු උන්ගේ දේපල රාජසන්තක කරලා ඒ්වා විකුණලා, පවුලේ හැම කෙනාටම අයිති දේපල විකුණලා හැම කෙනාගෙම බැංකු ගිණුම්, ස්ථාවර තැන්පත් ස්විස්ම බැංකු වල ඇතුළු අනෙක් හැම ආයෝජනයක්ම රජයට පවරගෙන මේ ඩොලර් බිලියන 47 ගෙවන්න තීරණය කළොත් ඒ්ක වඩා සාධාරණයි නේද?. නැත්නම් ඔය මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් ගන්නකල් ණය දුන්නු අය බලාගෙන ඉන්නෙත් නෑ. හොරුන්ගේ හොරා කෑම නවත්තලා නැති නිසා ඔය ණය ගෙවන්නවත් තෙල් ගෑස් ආදායම ඉතුරු වෙන එකක් නෑ. ඒවත් හොරුන් අතටමනේ පත්වෙන්නේ. නිකම් පුස්වෙඩි නොදා ඉන්න ඇමතිතුමෝ..............
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd