මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය අතපෙවීම්වලට චීනය විරුද්ධ බව ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියොජිත චෙන් ෂූ පැවැසීය.
48 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ“මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව ඉහළ නැංවීම සහ ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනවා. මානව හිමිකම් මුවාවෙන් ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම් වලට අපි විරුද්ධයි. ” යැයි ඔහු පැවැසීය.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල මානව හිමිකම් ගැටලු පිළිබඳව මානව හිමකම් කොමසමේ අවධානය යොමුකරමින් ඔහු සඳහන් කළේ එම රටවල මානව හිමිකම් ගැටලු පිළිබඳව චීනය දැඩිව සැලකිලිමත් වන බවයි.
“මෙම රාජ්‍යයන් මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන අතර, අනෙක් රටවල මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන ස්වෛරී රාජ්‍යයන්ට එරෙහිව ඒකපාර්ශවීය බලහත්කාර පියවර සහ මිලිටරි ඇඟිලි ගැසීම් ක්‍රියාත්මක කරති. ඉහත සඳහන් කරුණු පිළිබඳව මානව හිමිකම් කොමිෂන් කාර්යාලය ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුයි. ” යැයි චෙන් සූ අඟහරුවාදා පැවැසීය.