ඉහළ දැමූ විදුලිබිල පහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක්මුල් කර ගනිමින් අද(27) විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන විදුලිබලමණ්ඩල වෘත්තීය සමිති එකමුතුවසඳහන් කරයි.
මීට සමගාමීව අදකොළඹ පිහිටි විදුලිබලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාව්යාපාරයක්සිදුකිරීමට කටයුතු කර‘න බවද එම එකමුතුවේ සාමාජිකලංකාවිදුලි පොදුසේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒකක බිංදුවේ සිට ඒකක 90ක් දක්වාවිදුලි ඒකකවලමිල අසාධාරණ ලෙස ඉහළ දැමීම නිසා රටේ සාමාන්‍යජනතාව දැඩි ලෙස අසරණ වී සිටින බවත්, මේ නිසා විදුලි ගාස්තු ඉහළ දැමීමඅහෝසි කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
විදුලිගාස්තු ඉහළ දැමීමටබලධාරීන්ටඅවශ්යනම්, සියලුම දෙනාටසාධාරණයක් වන ආකාරයට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවත්, පහළම ආදායම් ලබන ඛාණ්ඩවලට විදුලි ගාස්තු ඉහළ යාම නිසා ලක්ෂ47ක පාරිභෝගික ජනතාවක් අසරණ වී සිටිනබවත් සභාපතිවරයා සඳහන් කළේය.
සමස්ත ගෘහස්ථපාරිභෝගිකයන්ගේ ප්රමාණයලක්ෂ 60ක් බවත්, මේ අනුව ඒකක 90 අඩුවෙන් භාවිත කරන ලක්ෂ 47න් විදුලිබිල ඉහළ යාමසැලකිල්ලටගෙන විදුලි බිලයම් පිරිසක් නොගෙවා සිටියහෙත් විදුලිබලමණ්ඩලයත් මූල්යඅර්බුදයකට ලක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව විදුලිබලමණ්ඩල සේවකයන්ගේ දීමනා කප්පාදු කරමින් තිබෙන බවත්, වෘත්තිකයන්ගේ අයකර‘න අසාධාරණ බදුවිදුලිබලමණ්ඩල සේවකයන්ගෙන්ද අයකර ගැනීම නිසා සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත් වී සිටින බැවින් අසාධාරණ බදු සංශෝධන කළ යුතු බවත් සභාපතිවරයාපවසා සිටියේය.
විදුලිබලමණ්ඩලසේවකයන්ටවෛද්යනිවාඩුවෙනුවෙන් ගෙවීමසිදුකළ යුතු බවත්, එහෙත්වෛද්ය නිවාඩුවෙනුවන් සිදුකරන ගෙවීම්ද මේ වනවිට කප්පාදු කර දමා තිබෙන අතර, මේ නිසා මෙම ගැටලු මුල්කරගනිමින්මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවත් පවසා සිටි හෙතෙම, ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් ඉදිරියේදී මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවද පැවසීය.