ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය සහ ප්‍රතිසංස්කරණ කමිටු සාමාජිකයින් සමඟ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබඳව අද පෙරවරුවේ සාකච්ඡා පැවැත්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකෙර මහතා කියයි.
ඒ අනුව එම සංගමය යෝජනා සඳහා සම්පූර්ණ සහාය ලබාදීම සහතික වූ අතර ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලා ඔවුන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
වත්මන් සේවකයින් සහ සේවක ප්රතිලාභ කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ද ඔවුන් සිය යෝජනා ඉදිරිපත් කරන ලද බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
