විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 20ක් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනුව තවත් රුපියල් බිලියන 80ක් ගෙවීමට ඇති බවද වාර්තා විය.
විදුලිබල මණ්ඩලයට හා අනෙකුත් ආයතන සඳහා දැවිතෙල් අලෙවි කළ මිල ඉහළ දැමීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
පසුගිය කාලය තුළ දැවිතෙල් ලීටරයක් රුපියල් 70කට ලබාදුන් බවත්, එම මිල රුපියල් 110ක් දක්වා ඉහළ දැමූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවදුරටත් ණය එකතු වීම වළක්වාගැනීමේ අරමුණින් මුදලට පමණක් තෙල් ලබාදීමට එකඟ වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දිනකට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් රුපියල් මිලියන 551ක් පාඩු ලබන බවත්, පසුගිය වසර තුළ ලැබූ පාඩුව රුපියල් මිලියන 83,000ක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බදු සියල්ල ඉවත් කිරීමෙන් තෙල් සංස්ථාවට ඔවුන්ගේ පාඩුව රුපියල් මිලියන 368කින් අඩු කරගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඩීසල් රුපියල් 39කින් හා පෙට්‍රල් රුපියල් 33කින් වැඩි කළ යුතු බව මහබැංකුව විසින් දන්වා තිබූ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.