ශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්රියාමාර්ගයන්වලට පොළඹවීමකින් තොරව වාර්ෂික බෝනස් මුදල් ලබාදීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටීන්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධන ලේකම් සේපාල ලියනගේ
මහතා ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ පසුගිය වසරේදී ලංගම රුපියල් මිලියන 8200ක ලාභයක් උපයා ඇති බවත් 2020 වසරේදී මෙන්ම 2021 වසරේදී ප්‍රසාද දීමනා ගෙවූ බවයි.
ඔහු නිකුත් කළ නිවේදනය
ශ්‍රී ලංගම සේවකයන් හට වර්ෂ ගණනාවක් තිස්සේ ලබා දෙන වාර්ෂික බෝනස් මුදල් අඛණ්ඩව ලබා දුණි. කොරෝනා උවදුර අප රටේ පැවති වර්ෂවල පවා එම මුදල් ලබාදුණි. 2022 වර්ෂය සඳහා වාර්ෂිකව අනිවාර්යයෙන් ලබාදිය යුතු බෝනස් මුදල් ලබාදීමට ඔබතුමා මැදිහත් නොවීම පිළිබඳව අප සංගමයේ බලවත් විරෝධය ඔබතුමාට පළමුව පළකර සිටින්නෙමු.
පාඩු ලබන ආයතනවලට වාර්ෂික බෝනස් ලබා නොදෙන බව ඔබතුමා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මේ මොහොතේ අති දැවැන්ත බොරුවක් බවට පත් වී ඇත. කොරෝනා වසංගතය අප රටේ තිබූ භයානක තත්ත්වය තුල පවා ශ්‍රී ලංගම සේවකයින් ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි අනතුර පවා නොතකා ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන ලද අතර, එම සේවකයන් හට කොරෝනා උවදුරින් සිදුවන හානිය වලක්වා ගැනීමට විධිමත් ව සෞඛ්‍ය පහසුකම් පවා ලබා දුන්නේ නැත.
2020, 2021 වර්ෂවල ශ්‍රී ලංගම සේවකයන් හට වාර්ෂික බෝනස් රු.13,500/- බැගින් ලබාදුනි. පසුගිය වසර තුල ශ්‍රී ලංගමය රුපියල් ලක්ෂ 8,200 ක ලාභයක් උපයාගත් බව හිටපු ශ්‍රී ලංගම සභාපති කිංස්ලි රණවක මහතා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබූ බවද ඔබතුමාට අප සංගමය අවධාරනයෙන් පවසා සිටින්නෙමු.
ඉහත කරුණු අවධානයට ගෙන ශ්‍රී ලංගම සේවකයන් වෘතීය ක්රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව අනෙකුත් ආයතනවල සේවකයන්ට වාර්ෂික බෝනස් ලබාදුන් ආකාරයටම ශ්‍රී ලංගම සේවකයන් හටද වාර්ෂික බෝනස් ලබාදීමට මැදිහත් වන ලෙස වගකීමකින් යුතුව අප සංගමය ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර, මීට පෙර මේ සම්බන්ධව ඔබතුමාට යොමුකර ඇති ලිපිවල පිටපත් ද මේ සමඟ ඔබතුමාගේ අවධානය සඳහා
අමුණා ඇත.