ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු ගුවන් අනතුර ලෙස සටහන් වන ඩී.සී. 08 ගුවන් යානය සප්තකන්‍යා කදුවැටියේ ගැටි අනතුරට පත්ව අද (04දා) වසර 46ක් ගතවනු ඇත.
1974 දෙසැම්බර් මස 04 වන දින ඉන්දුනිසියාවේ මර්ටිනා ඩී. සී. 08 ගුවන් යානය එහි කර්ය මණ්ඩලය හා මක්කම බලා ගිය වන්දනාකරුවන් පිරිසක් සමග ගුවනින් ගමන් කරද්දි මස්කෙළිය ලක්ෂපාන ප්‍රදේශයන්ට යාබද සප්තකන්‍යා කදු වැටියේ ගැටිමෙන් අනතුර පත්විය.
මෙම ගුවන් අනතුර වන විට එහි කර්ය මණ්ලඩලය සමග ගුවන් මගින් 191 දෙනකු ගමන් කර තිබු අතර එම අනතුරින් එහි ගමන් ගත් සියලුම දෙනාම මිය ගිය අතර මෙම ගුවන් අනතුර ශ්‍රී ලංකාව තුළ සිදුවු ප්‍රථම හා බිහිසුණුම ගුවන් අනතුර ලෙසද සටහන් විය.
මෙසේ අනතුරට ලක්වු ගුවන් යානයේ එක් ටයරයක් අදටද සිහිවටනයක් ලෙස නොර්ටන් බ්‍රිජ් විදුලිපුර පොලීසිය ඉදිරි පිට තබා ඇති අතර එම අනතුර සිදුවු අවස්ථාවේදි ගන්නා ලද ඡායාරුපයක් හා එම ටයරයද මෙම ඡායාරූපවලින් දැක්වේ.